බිම් කොහොඹ සහ සුදු හදුන් පැල විකිණීමට ඇත.



Bin Kohomba and Sandlewood plants are for sale now
ආයුර්වේදයේ හා දේශීය වෙදකමේ බහුලවම භාවිත වන ඖෂධිය ශාකයක් ලෙස බිං කොහොඹ හඳුන්වා දිය හැකිය. මෙම ශාකය භූ නිම්බ යන සංස්කෘත භාෂාවෙන් ද හැඳින් වේ. බිං කොහොඹ පෝච්චියක වුව ද පහසුවෙන් වගා කර ගත හැකි වීම විශේෂත්වයකි. පැළෑටියේ උස . සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 15ක් පමණ වන අතර සුදු පැහැති මලක් හට ගනී. දියවැඩියාව, සමේ රෝග, සෙම් රෝග සඳහා ද බිං කොහොඹ භාවිත කරනු ලබයි. මෙම ඖෂධය වයිරස් නාශක ගුණයෙන් ද යුක්තය. එසේ හෙයින් වයිරස් තුළින් හට ගන්නා උණ සඳහා මෙම ශාකය බහුලවම භාවිත කෙරේ.
මෙම ශාකයෙහි සංයුක්ත පත්‍ර ඇති අතර ඒවා තවත් පත්‍රිකාවලට බෙදේ. බිං කොහොඹ වර්ග දහයක් පමණ දක්නට ලැබෙන අතර පත්‍රිකාවල ස්වභාවය අනුව ඒවා වර්ගීකරණය වේ. පත්‍රිකා තුන, පහ, හත යන ආකාරයෙන් දැක ගැනීමට හැකිය. මෙම පැළෑටිය ඉතා දුර්ලභ ගණයේ පැළෑටියක් හෙයින් ඖෂධ සඳහා විශාල ඉල්ලුමක් පවතී.
පත්‍රිකා හතක් ඇති ශාකය සාමාන්‍යයෙන් විශාල ලෙස වර්ධනය වේ. එම නිසා පත්‍රිකා හතක් ඇති ශාකය සඳහා ඇති ඉල්ලුමක් වැඩිය. එමෙන්ම බිං කොහොඹ ආර්ථික වටිනාකමින් ද යුතු ශාකයකි. මෙහි වියළි ශාක කිලෝ ග්රෑම් එකක් රුපියල් 16,000 ක් පමණ වේ. ශ්‍රී ලංකාවටම ආවේණික එහෙත් වඳ වී යන ශාකයක් හෙයින් ප්‍රවාහනයේ දී ගැටලු ඇති වන බවක් අසන්නට ලැබේ. පහසුවෙන් ප්‍රවාහනය කළ නොහැකි අතර ඒ සඳහා අවසර පත්‍රයක් අවශ්‍ය වේ.
පහත රට පළාත්වල ස්වාභාවික කැලෑවල හට ගන්නා බිං කොහොඹ ශාකය නැඟෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල වැවෙන අතර මහියංගණය, බිබිල, මැදගම යන ප්‍රදේශවල බහුලවම දක්නට ලැබේ. මෙම ශාකය මුවන්ගේ ප්‍රියතම ආහාරයක් බව ද පැවසේ.
ආයුර්වේදයේ මෙම ඖෂධීය ශාකය භාවිත වන්නේ උණ රෝග, මැලේරියා රෝග සඳහාය. අතීතයේ කැලෑ උණ නමැති රෝගය සඳහා ද බිං කෙහොඹ ශාකය තම්බා බීමට ගෙන ඇති අතර, අධිකව තිත්ත රසකින් යුක්ත මෙම ශාකය මඟින් රුධිරය පිරිසුදු කිරීමේ මහඟු හැකියාවක් ද පවතී. එමෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිය වඩවන, කුෂ්ඨ රෝග නසන, චර්ම රෝග සමනය කිරීමේ හැකියාවක් ද තිබේ. තවද රුධිරගත සීනි මට්ටම (දියවැඩියාව) අඩු කිරීමේ ගුණයක් ද මෙම ශාකයේ අන්තර්ගතය. අතීසාර රෝග, අජීර්ණ රෝග, මලබද්ධය, වාත රක්ත රෝග සඳහා ද භාවිත කෙරේ. මීට අමතරව ආයුර්වේදයේ කසාය සඳහා ද බහුලව භාවිත වේ. වාත, පිත්ත රෝග සමනය කිරීමේ හැකියාවක් ද පවතී. ඒ සඳහා මෙම ශාකය හොඳින් වියළා කුඩු කර තේ හැඳි එකක් පමණ ප්‍රමාණයක් මී පැණි මිශ්‍ර කර ආහාරයට ගත හැකිය. එමෙන්ම අක්මාවට වඩාත්ම හිතකර පැළෑටියක් ලෙස ද බිං කොහොඹ හැඳින්විය හැකිය.
උපදෙස්-වෛද්‍ය ජී. සුචරිත